හවසට ජාමෙට කියාපු කෑමක්.

By Wayomi Jul 27, 2022 12:20 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

හාල් කියන්නේ ගෙදරක නැති වෙන ආහාර ද්‍රවයක් නෙවෙයි නෙවෙයි. ඉතින්හාල් පිටි කරලා හදාගන්න පුළුවන් රස ස්නැක් රෙසිපි එකක් ගැනයි මේ කියන්න යන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය

? සෝදා දියබේරාගත් කැකුළු හාල් කෝප්ප 1 /2

? වියළි අමුමිරිස් කරල් 4

? රටකජු කෝප්ප 1/4

? චොප්කරගත් ළූණු ගෙඩි කෝප්ප 1 /4

? කරපිංචා

? කොත්තමල්ලි කොළ

?සූදුරු තේ හැඳි 1 /2

? ලුණු කුඩු ස්වල්පයක්

? දෙහි යුෂ

? වතුර

? බැදගැනීමට තෙල්

සාදාගන්න ආකාරය

? පෑන් එකක් ලිපේ තියලා ඒකට කැකුළු හාල්, වියළි අමුමිරිස් කරල්, රටකජු දාලා අඩු ගින්නෙන් හාල් වල පැහැය වෙනස් වෙනකන් බැදගන්න.

? මේ මිශ්‍රණය පවුඩර් එකක් වෙනකන් ග්‍රයින්ඩ් කරගන්න.

? දැන් ඒ පවුඩර් එක වෙනම බෝල් එකකට දා ගන්න.

? ඒකටම ළූණු, කරපිංචා, කොත්තමල්ලි කොළ සූදුරු, ලුණු, දෙහි යුෂ දාලා හොඳින් අතින් කලවම් කර ගන්න.

? වතුර ටිකක් දාලා ඩෝ එකක් එන විදියට අනා ගන්න.

? ඒකෙන් පොඩි බෝල හදාගන්න.

? දැන් මේ හදාගත්ත බෝල ගැඹුරු තෙලේ රන්වන් පැහැවන තුරු බැදගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW