ඉදිරි දින කිහිපයේදී සහල් මිලට වෙන දේ ගැන දැනුම් දෙයි.

Sri Lanka Businessman
By Aruna Aug 08, 2022 05:45 AM GMT
Report

වෙළෙදපොලේ පසුගිය කාල සීමාවේදී ඉහළගොස් තිබූ සහල්වල මිල ගණන් ඉදිරි දින කිහිපයේදී පහත බසිනු ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

මේ වනවිට වෙළදපොලේ දේශීය සහල් අලෙවියද පහල බැස ඇති බවයි එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේ.

ආධාර ලෙස ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ලැබීමත් සමග මෙලෙස වෙළෙදපොලේ සහල් අලෙවිය ද අඩු වී ඇති බවත් ඉදිරියේදී මිල ගණන් අඩුවනු ඇති බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම වෙළඳපොලේ බිස්කට්, සබන්, නූඩ්ලස් ඇතුළු තවත් ඇසුරුම් කරන ලද භාණ්ඩවල මිල සියයට 300කින් ඉහළ දමා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

මේ අතර නිෂ්පාදන මිල ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් අලෙවිය අඩුවී ඇති බව වාර්තාවනවා.

ඇතැම් නගරබද ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවිසල්වල ආදායම රුපියල් ලක්ෂ 02ත් 07ත් අතර සංඛ්‍යාවකින් අඩු වී ඇති බවයි අප කළ සොයාබැලීමක දී හෙළිවුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now