හාල් කිලෝව රු. 1000ට යයි?..වෙන්න යන දේ මෙන්න..
Business Mobile
Sri Lanka
Fried rice
By Aruna
බත් වෙනුවට වෙනත් දේවල් කන්න සූදානම් වෙන්නයි ඉල්ලීමක්. ඉදිරි මාස කීපය ඇතුළත සහල් කිලෝව රු. 1000 ඉක්මවනු ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවනවා.
එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මෙරට උග්‍ර සහල් හිගයකට මූණ පෑමට සිදුවන අතර ඒ නිසා මෙලෙස සහල් මිල ඉහල යන බව ඔවුන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය ගැන අවධානය යොමුකර වගාවන් සදහා අවශ්‍ය පොහොර වහාම ලබා දීමට කටයුතු කරන ලෙසද එම සංගමය බලධාරීන් ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම කඩිනමින් විකල්ප ආහාර වගාවන් සදහා යොමුවන ලෙස ඔවුන් මහජනතාවගෙන්ද ඉල්ලීමක් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |