සහල් මිල සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක්..හදිසියේම කරපු දේ මෙන්න.
ආනයනික සහල් තොග අවසන් වන තෙක් මෙතෙක් සතොස වෙත නිකුත් කළ සහල් තොග, සුපිරි වෙළෙඳසල් ජාල වෙත ද නිකුත් කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 145කටත් සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල්175කටත් යන උපරිම සිල්ලර මිල යටතේ අලවි වනු ඇති.
මේ අතර, පසුගිය වසරේ රසායනික පොහොර ආනයනය එකවර ම නවතා දැමීම හේතුවෙන්, මෙරට සමස්ත කෘෂිකාර්මික දේහය ම බරපතළ ව්‍යසනයකට ලක් වුණා.
කාබනික පොහොර ප්‍රතිපත්තිය ඉතා ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වූ අතර, බොහෝ ගොවියන් ඉකුත් කන්නයේ තබාගත් අතිරික්ත රසායනික පොහොරවලිනු යි ගොවිතැන් කළේ.
පසු ව කළු කඩ මිලට පෞද්ගලික අංශයෙන් රසායනික පොහොර ලබා ගැනීමට ගොවියාට අවස්ථාව ලැබුණු අතර, එයත් ගොවියාට ගෙන දුන්නේ මහත් පීඩාවක්.
කෙසේ වෙතත් දින කිහිපයකට පෙර රජය නිවේදනය කර තිබුණේ, ඊළඟ කන්නය සඳහා රසායනික පොහොර ලබා දීමට තීරණය කර ඇති බව යි.
කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, පවතින විවිධ අර්බුද හා ගැටුම්කාරී තත්ත්වයන් මත, මෙරට ආහාර හිඟයක් ඇති වීම නො වැළැක්විය හැකි කරුණක් වනු ඇති බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |