සහල් වෙළඳපොළට නිකුත් කිරිම අද සිට - ලබාගත හැකි ස්ථාන සහ නව මිල ගණන් මෙතනින්..
වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000 සහල් බවට පත්කර වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු අද (12) සිට සිදු කරන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.
සතොස, සමූපකාර සහ සුපිරි වෙළඳසැල් හරහා එම සහල් අලෙවි කිරීමට කටයුතු කරන අතර රතු සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 197 ටත්,නාඩු කිලෝවක් රුපියල් 199 ටත්, සම්බා කිලෝවක් රුපියල් 205 ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 215 ටත් මිල දී ගත හැක.එමෙන්ම සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210ක් වේ.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ඉකුත් මැයි මස 02 දා නිකුත් කල ගැසට් පත්‍රයට අනුව දේශිය නාඩු කිලෝවක මිල රුපියල් 220 ක් ලෙසත් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 230 සහ දේශිය කීරි සම්බා කිලෝවක මිල 260 ක් වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර තිබිණී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |