හරියට කන්න නැති මේ කාලේ හාල් වලින් කැද ටිකක් හදාගමු..
Healthy Food Recipes
By Subodha
බොහෝ දෙනෙකු කොළ කැඳ, සව් කැඳ සකස් කිරීමට දැන සිටියද හාල් කැඳ සකස් කරන ආකාරය නොදනී. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය වැනි අජීර්ණ තත්ත්වයන් පවතින විට, ආහාර ගැනීමට නොහැකි වූ විටක මෙම කැඳ එම රෝගීන්ට ගුණදායක ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. එමෙන්න මේ අමාරු කාලයේ හාල් ටිකකින් කැද හදාගෙන වේලක් පිරි මහ ගැනීමට ඉගෙන ගැනීම කාටත් හොද වැදගත් දෙයක් වනු නොඅනුමානය.
හාල් කැඳ සකස් කරගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය -
- හාල් පිටි මේස හැඳි 1
- කලු හීනටි හාල් මේස හැඳි 2
- පොල් කිරි අඩු කෝප්ප භාගයක් හෝ එළකිරි අඩු කෝප්ප භාගයක්
සාදා ගන්නා ආකාරය -
- හීනටි හාල් රෑට පෙගෙන්නට දමන්න . හල් ටික වතුර ටිකක් දමා වෙනම පොගවා ගන්න . උදේට හීනටි හාල් ටික හොඳින් බ්ලෙන්ඩර් කරන්න . එය බාජනයකට දමන්න . වතුර අඩු කෝප්ප 1 1/2 දමා එයට ම ලුණු ස්වල්පයක් ද එක් කර සෝදා ගත් හල් ටික ද එකතු කර ළිප තබා දිගටම හැඳි ගාමින් උයා ගන්න . හීනටි හාල් ටික තැම්බූ නූ පසු මිටි කිරි හෝ නැවුම් එළකිරි අඩු කෝප්ප භාගයක් එක් කරන්න . හොදින් නටවා ලිපෙන් බාගෙන මදක් නිවෙන්නට හැර පාවිච්චි කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |