චීන රජයෙන් ලංකාවට තවත් පරිත්‍යාගයක්..
Sri Lanka
Government of China
China
By krishani
මෙරට චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ සහල් තොගයක් ලබන 25 වනදා මෙරටට ලැබීමට නියමිතව බවයි.
ඒ අනුව රෙන්මින්බි මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයක පළමු කොටස සහිත නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිතව ඇත.
චීනයෙන් ලබාදෙන එම සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ මෙරටට හිමි වන අතර එම සහල් තොගයේ දෙවන කොටස රැගත් නෞකාව ලබන 30 වනදා කොළඹට ළඟාවීමට නියමිතය.
පාසල් ආහාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්ටොන් 10,000ක් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |