සහල් හිඟය සහ ආහාර අර්බුධය ගැන සුබ ආරංචියක්..
යල කන්නයේ වගා කෙරෙන හෙක්ටයාර ලක්ෂ 5ක භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 475,000ක් මේ වන විට වගා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා කියා සිටියේ, එම අස්වනු ලැබීමත් සමග ඉදිරියේ දී රට තුළ සහල් හිඟයක් හෝ ආහාර අර්බුදයක් ඇති නො වන බවයි.
එමෙන්ම යල කන්නයේ අස්වනු නෙලීම ඊයේ ආරම්භ කෙරුණා.
ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා, වාරිමාර්ග අධ්‍යක්ෂ ඇතුළු ගොවි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අම්පාර - රොටේ ප්‍රදේශයේදීයි.
කෙසේ වෙතත් තවමත් යල කන්නයේ වගා කර ඇති බිම් ප්‍රමාණය නිසි පරිදි හඳුනාගෙන ඒවාට පොහොර ලබා දීමට ක්‍රමවේදයක් සකස් කර නොමැති බවට ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති උපාලි ඒකනායක මහතා චෝදනා කරනවා.
ඒ ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් කැඳවමින්. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා කියා සිටියේ, යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ කටයුතු සියල්ල මේ වනවිට අවසන් කර ඇති බවයි.
ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙම මස අවසානයේ දී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට ලැබීමට නියමිත යි.
එම පොහොර ඕමානයේ සිට රැගෙන එන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ.
කලාම්බෝ කමර්ෂල් පොහොර සමාගම මගින් එම පොහොර ආනයනය කෙරෙන අතර එම සමාගම සඳහන් කළේ 2 වන අදියර යටතේ තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ගෙන්වීමට කටයුතු කරමින් සිටින බව යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |