බීමතින් රිය පදවා කාන්තාවක් මරණයට පත් කළ තරුණයෙකුට ලැබුණු දඩුවම

Sri Lanka Accident Driving Licence
By Sewvandhi Oct 20, 2022 04:17 AM GMT
Report

බීමත්ව රිය පදවා 36 හැවිරිදි කාන්තාවක් මරණයට පත් කිරීම ඇතුළු චෝදනා 6කට වරද පිළිගත් තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අහෝසි කිරීමට මීගමුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඊට අදාළ නඩුව ඊයේ මීගමුව මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ හමුවේ කැඳවනු ලැබී අතර එහි දී සැකකරුට වසර 10කට අත්හිටවූ මාස 2ක සිරදුඩුවම් සහ රුපියල් පනස් දහසක දඩයක් ද නියම කරනු ලැබුවා.

එසේම මියගිය කාන්තාවගේ මවට, පියාට සහ ස්වාමිපුරුෂයාට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

මෙලෙස චෝදනා එල්ල වුයේ 20 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට යි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now