පාර්ලමේන්තුවේ සම්මත වූ Online පනත යළි සංශෝධනය කරන්න හදන්නේ මෙහෙමයි.

Parliament of Sri Lanka Tiran Alles Sri Lanka Cabinet
By Wayomi Feb 13, 2024 08:16 AM GMT
Report

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති බවයි වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

පසුගියදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමඟ එම පනතේ විධිවිධාන මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන ලද සංශෝධනයන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුගතව සිදු කළ යුතුව තිබූ බැවින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන යෝජනා එම කෙටුම්පතට හඳුන්වා දීමට හැකි වී නැහැ.

මේ අනුව ක්ෂේත්‍රයේ විශේෂඥයින් සමඟ තවදුරටත් සාකච්ඡා කර හඳුනා ගනු ලැබ ඇති ‌සංශෝධන මත පදනම්ව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධන කිරීමට නියමිතයි.