ඕනෑම සතුරු ප්‍රහාරයකට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන්න - ඉරාන උත්තරීතර නායකයාගෙන් සන්නද්ධ හමුදාවලට නියෝගයක්

Middle East Latest Headlines Sinhala news Iran-US Conflict Mojtaba Khamenei
By R.rishma Nov 01, 2026 07:27 AM GMT
Report

ඕනෑම සතුරු තර්ජනයකට භූගෝලීය සීමාවන් නොසලකා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා පූර්ණ සූදානමකින් පසුවන ලෙස ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි එරට සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඉරාන රාජ්‍ය පුවත් සේවය වන IRNA (Islamic Republic News Agency) වාර්තා කරන පරිදි, ඉරාන හමුදා ප්‍රධානීන් සහ උසස් නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී උත්තරීතර නායකයා මෙම උපදෙස් ලබාදී ඇත.

එහිදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ රටේ උපරිම ආරක්ෂාව සහ යුද සූදානම තහවුරු කිරීම සඳහා ඕනෑම සතුරු ක්‍රියාමාර්ගයකට දැඩිව සහ නොපසුබටව මුහුණදීම අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම, සතුරන් යළිත් වරක් හමුදාමය හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළහොත් එම ගැටුමේ අවසානය තීරණය කරනු ලබන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන් සහ ඉරාන ජනතාව විසින් බවද ඔහු අවධාරණය කර තිබේ.

"සතුරන් නැවත වරක් මිලිටරි හෝ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කළහොත්, ඔවුන්ගේ අවසානය සඳහා කාලය සහ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉස්ලාමීය ජනරජයේ සහ ඉරාන ජාතියේ සන්නද්ධ හමුදාවන් විසිනි" යනුවෙන් කමේනි ප්‍රකාශ කර ඇති බව IRNA වාර්තාවේ සඳහන් වේ.