පීලි පැනුණු දුම්රිය පීලිගත කිරීම ඇරඹේ

Department of Railways Latest Headlines Sinhala news Puwath.lk Train
By R.rishma Oct 05, 2026 06:54 AM GMT
Report

පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් පසු එය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

අනතුර සිදුවූ ස්ථානය දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතුද සිදුකෙරෙමින් පවතී.

පසුගිය දින දෙක තුළ ප්‍රදේශයට පැවති වර්ෂාපතනය හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටද දුම්රිය බලධාරීන් සඳහන් කර තිබේ.

හැකි ඉක්මනින් උඩරට දුම්රිය ගමනාගමනය යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, සවස් කාලයේ කාර්යාල දුම්රිය ධාවනය කළ හැකිද යන්න පීලිගත කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු තීරණය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.