පොලීසියෙන් විශේෂ ඉල්ලීමක්..
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
Inter University Students Federation
By Sithumi
අවශ්‍ය කරන සැකකරුවන් 13 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා. මෙම පිරිස පසුගිය අගෝස්තු මස 18 වනදා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යුනියන් පෙදෙසේදී පවත්වන ලද නීති විරෝධී රැස්වීමක හා පෙළපාලියක සාමාජිකයන්ව සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව මෙම රැස්වීමට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කර සිටින මෙතෙක් අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වූ සැකකරුවන් පිරිසක් හඳුනා ගැනීම සඳහායි පොලිසිය මහජන සහාය අපේක්ෂා කරන්නේ.
මෙම පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718591561 අංකයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ 0718594414 අංකයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
