ශ්‍රී ලංකවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අත දෙන්න ඕස්ට්‍රේලියා සූදානම් ද?
Ranil Wickremesinghe
Australia
President of Sri lanka
By Wayomi
පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්වුණා.
ඒ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහායි.
එහිදී ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් පැවති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කරන්නේ.
මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියා මහකොමසාරිස් HE Paul Stephens මහතා ඇතුළු ආයෝජකයෝ පිරිසක් එක්ව සිටියා.
ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ, පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමුව ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |