පුනර්ජනනීය බලශක්තියෙන් වැඩක් ගන්න ලංකාවට බැරි ඇයි?

Sri Lanka Minister of Energy and Power Sri Lanka Government
By Wayomi Aug 04, 2022 09:36 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වටිනා සම්පත් සඟවාගෙන ශ්‍රී ලංකාව විශාල බලශක්ති අර්බුදයකට මුහුණදීලා. දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ලාංකිකයන් විදිහට අපි මේ බලශක්ති අර්බුදයෙන් පීඩා විඳිනවා.

⚡ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වාර්ෂිකව විශාල පිරිවැයක් මේ බලශක්ති සදහා වෙන් කරනවා. නමුත් වෙන රටවල් වගේ නෙවෙයි අපේ රටේ මේ බලශක්ති අර්බුදයට විකල්ප හොයන්න පාලකයන්ට, නායකයන්ට කිසි වුමනාවක් නැහැ. විකල්ප හෙවුවත් ටික දවසකින් ඒ සියල්ල අතර මඟ නවත්වලා දානවා. මොකද ඒ විකල්ප ක්‍රම වලින් ලාභ හොයන්න මහන්සි නොවී, හාන්සිවෙලා ඉද්දී සාක්කුවට වැටෙන සොච්චම් කොමිස් එක වටින නිසා.

⚡ ඉතින් මේ කියන්න යන්නේ ලෝකයේ බොහෝ රටවල් භාවිතයට ගැනෙන් පුනර්ජනනීයව භාවිතා කළ හැකි බලශක්ති උත්පාදනයන් ගැනයි. මෙම පුනර්ජනනීයව බලශක්තිය ලංකාවේ උත්පාදනය කරන්න බැරිකමක් නැහැ. ඊට අවශ්‍ය සම්පත් අපිට ඕනවටත් වඩා තියෙනවා.

සූර්යය ශක්තිය

🌞 අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 365 දවසෙම සූර්යය ශක්තිය නොමිලේම ලැබෙන රටක් මේක.

🌞 එක වර්ෂයක් තුළ භාවිතා කරනු ලබන සියලු බලශක්තියට වඩා වැඩි බල ශක්ති ප්‍රමානයක් එක් පැයක් තුළ සූර්යයාගෙන් පෘථිවියට පතිත වෙනවා.

🌞 එමඟින් නිවාස සහ ව්‍යාපාරයන් වෙත අවශ්‍ය උෂ්ණත්වය, සිසිලස සහ ආලෝකය සැපයීම සඳහා භාවිතා කළ හැකි ප්‍රබල බලශක්ති මුලාශ්‍රයක්.

🌞 සූර්යාලෝකය ගොඩනැගිලි සඳහා භාවිතා කළ හැකි බලශක්තිය බවට පරිවර්තනය කරනු ලබන විවිධ වූ තාක්ෂණයන් තියෙනවා.

🌞 සුර්යය කෝෂ හරහා අපිට සුර්යය ශක්තිය අපිට විද්‍යුත් ශක්තිය බවට පරිවර්ථනය කළ හැකි අතර සුර්ය පැනල භාවිතයෙන් විදුලිය නිපදවා විදුලි බිල අඩු කරගන්න පුළුවන්.

🌞 සූර්ය පැනල සඳහා වන ආයු කාලය දළ වශයෙන් අවුරුදු 25ක් පමණ වන අතර නිෂ්පාදනය කිරීමට භාවිත කරන අමු ද්‍රව්‍යය මත ආයු කාලය වෙනස් වෙන්න පුළුවන්.


සුළං බලය

🍃🌪️ තවත් ජනප්‍රිය පුනර්ජනනීය බලශක්ති වර්ගයක් වනුයේ සුළං බලශක්තියයි.

🍃🌪️ සුළං ටර්බයින කරකැවීම සඳහා සහ බලශක්තිය උත්පාදනය කිරීම සඳහා වායු ප්‍රවාහයන් භාවිතා කළ හැකියි.

🍃🌪️ වෙරළ ප්‍රදේශ සහ ඉහළ උන්නතාංශයක් සහිත ස්ථාන වැනි සුළං ප්‍රබලව සහ අඛණ්ඩවය පවතින ප්‍රදේශයන් සුළං බලාගාර පිහිටුවීම සඳහා වඩාත් යෝග්‍ය ස්ථානයන්.

🍃🌪️ සුළං බලශක්තිය සුළු ඉඩ ප්‍රමාණයක් වුවද ගබඩා කළ හැකි පරිසර දුෂණයක් නොමැති සුළං බලශක්තිය යනු සූර්ය බලශක්තියෙන් පසු පිරිසිදුම බලශක්ති ප්‍රභවයක්.

🍃🌪️ ඊට හේතුව එය උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී දහනය කිරීමේ ක්‍රියාවලියක් නොවීමයි. ඒ නිසා එය විෂ වායූන් හෝ කසළ අපද්‍රව්‍ය නිපදවන්නේ නැහැ.

🍃🌪️ සාමාන්‍යයෙන් සුළං ටර්බයිනයක බලශක්ති ධාරිතාව තෙල් කිලෝග්‍රෑම් 1.000 ක බලශක්ති ධාරිතාවට සමානයි.


භු තාප ශක්තිය

🔥 භූ තාප බලශක්තිය කියන්නේ, පෘථිවිය තුල උත්පාදනය වි ඒ තුළ ගැබ් වී පවත්නා තාප බලශක්තියයි.

🔥 පෘථිවිය ගැඹුරෙහි පවත්නා වාෂ්ප හෝ උණු දිය ජලාශ මගින් එහි උෂ්ණත්වය ලබා ගත හැකි අතර පොළව විදීම මගින් ඒ වෙත ප්‍රවේශ විය හැකියි.

🔥 එයද ගොඩනැගිලි ඇතුලත උණුසුම් කිරීමේ සහ සිසිල් කිරීමේ ක්‍රියාවලීන් සඳහා වන කාර්යක්ෂම පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයක්.

🔥 භූ තාප උෂ්ණත්ව පොම්පයක් සහ උෂ්ණත්ව හුවමාරු ක්‍රමයක් හරහා තාප උෂ්ණත්ව බල ශක්තිය පෘථිවිය වෙතටත් (සිසිල්කරණ කටයුතු සඳහා) පෘථිවියෙන් බැහැරටත් (උණුසුම්කරණ කටයුතු සඳහා) හුවමාරු කිරීම වෙනස් වන සෘතුමය පදනමක් අනුව සිදු වෙනවා.


ජෛව ඉන්ධන

🛢️ ප්‍රවාහනයෙන් පටන් ගෙන, එය විශාල ඉන්ධන ප්‍රමාණයක් පරිභෝජනය කරන හා එම නිසා වායුගෝලය දූෂණයට ද කල් වෙනවා.

🛢️ ඒ වගේම අධික පරිසරය දුෂණය, තෙල් මිල ඉහළ යාම හා තෙල් ක්ෂය විම ආදී කරුණු සදහා විකල්ප යෝජනාවක් ලෙස ජෛව ඉන්ධන නිෂ්පාදනය සිදු කරනවා.

🛢️ මේවා ජෛව විද්‍යාත්මක ශාක හෝ සත්ව අමුද්‍රව්‍ය වලින් නිපදවන දියර හෝ වායුමය ඉන්ධනයි.

🛢️ එය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන අතර එය ඉවර නොවන අතර ප්‍රවාහනයේ ඉල්ලුම සපුරාලිය හැකියි.

🛢️ මෙමගින් ජුනර්ජනනීය නොවන ඉන්ධන මත යැපීම අඩු කළ හැකි අතර එහි වාසියක් ලෙස පරිසර හානියද අවම කර ගත හැකයි.

🛢️ දැනට අපි සොයා ගෙන ඇති වැදගත්ම ජෛව ඉන්ධන වන්නේ ජෛව ඩීසල් හා ජෛව එතනොල්.


ජෛව ස්කන්ධ ශක්තිය

🌳 ජෛව ස්කන්ධ ශක්තිය කියන්නේ, ජෛව විද්‍යාත්මක ක්‍රියාවලින් තුළින් ජනනය වන කාබනික ද්‍රව්‍ය බල ශක්ති ප්‍රභවයක්.

🌳 හරියටම කියනවා නම්, කෘෂිකාර්මික හා වන අපද්‍රව්‍ය, අපද්‍රව්‍ය රොන් මඩ සහ නාගරික අපද්‍රව්‍යවල කාබනික කොටස් විවිධ ක්‍රියාදාමයන් තුළින් ජෛව ස්කන්ධ ශක්තිය ජනනය කරන්න පුළුවන්. ඒ අනුව තාපය හා විදුලිය උපයෝගී කර ගෙන දහනය, නිර්වායු ජීර්ණය, ගෑස්කරණය සහ පිරොලයිසිස් සිදු කළ හැක.


සමුද්‍ර ශක්තිය

🌊 සමුද්‍ර ශක්තියේ වර්ග කිහිපයක් තියෙනවා (තරංග ශක්තිය, උදම් ශක්තිය, සාගර ධාරා ආදීය).

🌊උදම් ශක්තිය වසර ගණනාවක් තිස්සේ තවමත් භාවිතා කරලා නැහැ.

🌊 උදම් ශක්තිය ඇති වන්නේ සූර්යයාගේ හා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ක්‍රියාව මගින් ඇතිවන මුහුදු ජලයේ නැගිම හා වැටීම තුළින්.

🌊 මෙම ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් විදුලිය නිෂ්පාදනය කරයි.

🌊 මෙම ව්‍යාපෘති සදහා විශාල වියදමක් දැරිමට සිදු වන නිසා දැනට විද්‍යාඥයන් මෙම ව්‍යාපෘතියේ විමර්ශන කටයුතු නවතා ඇති බවයි වාර්තා වෙන්නේ.        


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW