තිරිඟු පිටි බදු සහනය ඉවත් කරයි - තිරිඟු පිටි මිල ඉහළට?..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani May 07, 2023 05:42 AM GMT
krishani

krishani

in ආහාර
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය ඉවත් කර ඇත.

ඒ හේතුවෙන් තිරිඟු පිටි මිල ඉහළ යාමට හැකියාවක් තිබෙනවා.

මේ අතර, පසුගිය රජය සමයේ 2020 ජනවාරි මාසයේ දී රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15-16 සිට රුපියල් 3 දක්වා අඩු කිරීමත් සමඟ තීරුබදු නිදහස් කිරීම හඳුන්වා දෙනු ලැබීය.

කෙසේවෙතත්, රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම තීරණය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join