තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරන්න යයි..ඇමතිගෙන් දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Sri Lanka Cabinet Economy of Sri Lanka
By Aruna Aug 04, 2023 02:21 AM GMT
Report

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලබන සැප්තැම්බර් මාසයේ මුල් සතිය වන විට ලිහිල් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටියේ, මෙම වසරේ ගත වූ කාලය තුළ ඩොලර් මිලියන 45.4ක් විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බවයි.

පසුගිය කාලයේ ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇතැම් භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බව බව අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර පසුගිය වසරේ අගෝස්තු 23 වැනිදා භාණ්ඩ 1,465ක ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර්, පෙබරවාරි සහ ජූනි මාසවලදී ඉන් භාණ්ඩ කොටසක ආනයන සීමා ඉවත් කරනු ලැබුවා.

මේ අතර, ආනයන සීමා කර ඇති භාණ්ඩ වර්ග කිහිපයක එම සීමා ඉවත් කිරීමට පසු ගිය ජුනි මාසයේද කටයුතු කළා.

ඒ අනුව ඉලෙක්ට්‍රොන් උපකරණ, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග තුන්සියයකට අධික ප්‍රමාණයක් සදහා ආනයන සීමා ඉවත් කෙරුණා.