හදිසියේම ‘මීනගයා’ අපනශාලව ඉවත් කෙරේ.
Sri Lanka Railways
Department of Railways
Railways
By Wayomi
දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.
ඒ, කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දුම්රියේ ආපනශාලාව ද ඉවත් කිරීමත් සමඟ බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියා සිටියේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන මීනගයා නගරාන්තර දුම්රියේ ආපනශාලාවට සීල් තැබීමේ සිද්ධියෙන් පසුව කොළඹින් පිටත් වන මීනගයා දුම්රියේ ද ආපනශාලාවද එම දුම්රියෙන් ගලවා තාවකාලිකව ඉවත් කළ බවයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වන මීනගයා දුම්රියේ ආපනශාලාවට පෙරේදා සීල් තබනු ලැබුවා.