උප්පැන්න, විවාහ සහ මරණ, සහතික සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Politician Sri Lanka Cabinet Sri Lanka NGO Wedding Death
By Aruna Aug 21, 2023 05:19 AM GMT
Report

උප්පැන්න, විවාහ සහ මරණ, සහතික පිටපත් මාස හයකට පසු අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

මාස හයකට පමණක් වලංගු වන පරිදි මෙතෙක් පැවති රෙගුලාසි මේ වන විට ඉවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ කටයුතු යන අමාත්‍යාංශවලටත්, ආගමන විගමන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවලටත් දැනුම්දී ඇති බවයි.

ඒ අනුව අදාළ රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ඉදිරිපත් කිරීමේදී මාස හය ඉක්මවූ පිටපත් වලංගු පිටපත් ලෙස පිළිගනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් එම ලේඛනවලට යම් සංශෝධනයක් එක් කර ඇත්නම් පමණක් නව පිටපතක් ලබාගත යුතු වන බවයි පැවසෙන්නේ.