දිවයින පුරා ජනතාවට බදු ගැන අසන්නට ලැබුණ සුබම සුබ ආරංචියක්.
Ranil Wickremesinghe
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
President of Sri lanka
By krishani
මෙරට ජනතාවට අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී අදාළ ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේ දී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පවතින ක්‍රමවේදය පුළුල් කර ගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අය කර ගැනීම සිදු කළ යුතු බවයි.