ජාතික ගීය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුගෙන් නව යෝජනාවක්.

Sri Lanka Cricket
By Wayomi Sep 07, 2022 12:42 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ජාතික ගීය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක Facebook සටහනක් තබා තිබුණා.

ඒ, අනුව ඔහු පවසන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම් ජාත්‍යන්තර තලයේ තරග සඳහා එක් වන විට වාදනය කෙරෙන ජාතික ගීය තරමක් කෙටි වූවා නම් ඉතා අගනා බවයි.

මෙහිදී ඔහු අවධාරණය කරන්නේ විනාඩි තුනකටත් වඩා දිගින් යුත් ශ්‍රී ලංකා ජාතික ගීයේ පළමු කොටසේ වාදනය වී අවසානයේ දී බොහෝ විට ප්‍රේක්ෂකයින්ගේ අවධානය සහ ගෞරවය ඉන් ගිලිහී යන බවත්, එවැනි දීර්ඝ ජාතික ගී සහිත බොහෝ රටවල් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වලදී ලඝු කරන ලද ජාතක ගී භාවිතා කිරීමට පෙළෙඹී සිටින බවත්ය.

එමෙන්ම ශීත කාලගුණයක් පවතින අවස්ථාවලදී, දීර්ඝ ජාතික ගීය වාදනය කොට අවසන් වන තෙක් සිටගෙන සිටිනවා ක්‍රීඩකයින්ගේ ශරීර උණුසුම පවා ඇතැම් අවස්ථාවලදී පහළ වැටෙන බවත් චරිත් සේනානායක පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් එම සටහන ආරම්භ කරමින්, ඔහු කියා සිටින්නේ, එය මහජනතාවගේ අදහස් සහ යෝජනා දැනගැනීම වෙනුවෙන් පළ කරන්නක් බවයි.

එමෙන්ම මෙම කෙටි සටහන හමාර කරන්නේ, මෙම සටහන ජාතික ගීය පිළිබඳව පූර්ණ ගෞරවයෙන් යුතුව තැබූවක් බවත්, ඒ හරහා ජාතික ගීයට කිසිදු අගෞරවයක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බවත්, පවසමින්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW


Gallery