හිස් මුඩු බිමක් වැඩ බිමක් බවට පත්කළ උතුරේ දැවැන්ත පුද්ගලික ව්‍යාපෘතිය.. රටේ දේශපාලකයින්ටත් හොද පාඩමක්. (VIDEO)

Jaffna Sri Lanka Politician Sri Lanka Ministry of Agriculture Northern Province of Sri Lanka
By Aruna Nov 04, 2023 09:50 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඉතාමත් උස් තත්ත්වයේ පවතින "රීචා කාබනික ගොවිපල" 100% ක් කාබනික නිෂ්පාදනයන් හදුන්වා දෙන උසස් තත්ත්වයේ ගොවිපලක් ලෙස අපේ රටේ පමණක් නොව විදෙස් රටවල පවා මේ වන විට විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

අක්කර 150ක් තරම් විශාල භූමි භාගයක් තුළ, පොල් ගස් 10000 ක් තරම් වූ විශාල ප්‍රමාණයක් වගා කර ඇති, මෙම ව්‍යාපාරය ස්වභාවික එනම් කාබනික ආහාර නිෂ්පාදනය, සත්ව පාලනය (කුකුලන්- බිත්තර හා මස් සදහා), පහසුකම් රැසක් හා යෞවන ආකර්ෂණය දිනාගත් අවන්හල ( reeCha forest island cafe) හා කාබනික ආහාර ගබඩාවක්ද පවත්වාගෙන යනු ලබයි.

සමාන අදහස් ඇති ක්ෂුද්‍ර ව්‍යාපාරවල ගතික කේන්ද්‍රස්ථානයක් ලෙසින් ෆාම් හි වන රීචා ෆොරස්ට් අයිලන්ඩ් කැෆේ, අවන්හල, ද ලව් බෙන්ච්, ළමා උද්‍යානය සහ ද ගාර්ඩ්න් ෂෙඩ් වැනි ගොඩනැගිලි ද මෙහි දකින්නට ලැබේ. මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන අයට ඉතාමත් මනස්කාන්ත, සතුටු විය හැකි සුන්දර තෝතැන්නකි.

මෙවන් මනස්කාන්ත වූ සුන්දර පරිසරයක් නිර්මාණය කරන්නට මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ, "රීචා කාබනික ගොවිපලෙහි සභාපති කන්දයියා බාස්කරන් මහතා විසින්ය.

මේ සම්බන්ධව ඔබ මෙතෙක් නොඇසූ තොරතුරු රැසක් අනාවරණය කර ගන්නට මාධ්‍යවේදී චතුර අල්විස් මහතා විසින් සිදු කරන "Travel With Chathura" වැඩ හරහා හැකිවී තිබේ.

එම වැඩ සටහන මගින් උතුරේ දමිළ ජනතාවගේ සහ දකුණේ සිංහල ජනතාවගේ සැබෑ මානුෂීය හැගීම කුමක්ද යන්න පිළිඹිබු කරයි.

තව ද අපේ රටේ දේශපාලඥයින්ගේ සැබෑ අරමුණ කුමක් ද යන්න ඔහු විසින් මනාවට පැහැදිළි කරයි.

භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් හුවමාරු වන මෙම අපූරු සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න,


"රීචා කාබනික ගොවිපලේ" සංචාරයකට අමෙරිකානු තානාපතිනියත් පැමිණෙයි.(PHOTOS)

"රීචා කාබනික ගොවිපලේ" සංචාරයකට අමෙරිකානු තානාපතිනියත් පැමිණෙයි.(PHOTOS)