"රීචා කාබනික ගොවිපලේ" සංචාරයකට අමෙරිකානු තානාපතිනියත් පැමිණෙයි.(PHOTOS)

American Express Jaffna Sri Lanka Ministry of Agriculture Reecha
By Aruna Aug 25, 2023 04:38 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ඉතාමත් උස් තත්ත්වයේ පවතින "රීචා කාබනික ගොවිපල" නැරඹීම සදහා අමෙරිකානු තානාපතිනිය පසු ගියදා විශේෂ සංචාරයක නිරත වුණා.

මෙම විශේෂ අවස්ථාව සඳහා "රීචා කාබනික ගොවිපලෙහි සභාපති කන්දයියා බාස්කරන් මහතාද එක්ව සිටියා.

මෙම අවස්ථාවේ ලබාගත් විශේෂ ඡායා රූප පෙළක් පහතින් දැක්වේ.

රීචා කාබනික ගොවිපල 100% ක් කාබනික නිෂ්පාදනයන් හදුන්වා දෙන උසස් තත්ත්වයේ ගොවිපලක් ලෙස කාගේත් අවධානයට යොමුව තිබේ.

රිචා ඒකාබද්ධ ගොවිපල ශ්‍රී ලංකා ව්‍යාපාර නීතිය යටතේ නිසි අයුරින් ලියාපාදිංචි වී ඇති පුද්ගලික ව්‍යාපාරයක් වන අතර, මෙම ව්‍යාපාරය කාබනික බීජ ගොවිතැන හා කාබනික ආහාර නිෂ්පාදනය සදහා මුලික වන ගොවිපලකි.

රීචා ගොවිපල නැරඹීමෙන් එහි විශේෂිත වූ කාබනික නිෂ්පාදන රටාව හරහා මිනිසාට සෞඛ්‍ය සම්පන්න දිවියක් සදහා ඉතා සුවිශේෂී වූ මග පෙන්වීමක් ලබාගැනීමට මහගු අවස්ථාවක් හිමිව තිබෙනවා.

මෙලෙස ස්වභාවික නිෂ්පාදනයන් මුලික කරගනිමින් පාරිසරික හිතකාමීව, සියල්ලන්ම එකම අරමුණක් කරා ගමන් කරන ක්ෂුද්‍ර ව්‍යාපාර ගණනාවක එකතුවක් ලෙස රීචා ව්‍යාපාරය හැදින්විය හැකි ය.

අක්කර 150ක් තරම් විශාල භුමි භාගයක් තුල සිදු කරන මෙම ව්‍යාපාරය තුල ස්වභාවික එනම් කාබනික ආහාර නිෂ්පාදනය, සත්ව පාලනය (කුකුලන්- බිත්තර හා මස් සදහා), පහසුකම් රැසක් හා යෞවන ආකර්ෂණය දිනාගත් අවන්හල ( reeCha forest island cafe) හා කාබනික ආහාර ගබඩාවක්ද පවත්වාගෙන යනු ලබයි.

මෙම ගොවිපල මගින් මනස්කාන්ත ස්ථානයන් හී වැඩිහිටියන් සහ ළමුන් සඳහා ස්ථානීය වැඩමුළු සුවිෙශේෂී පරිපූර්ණ ආකාරයෙන් ලබාදීම ද විශේෂත්වයක්.

සමාන අදහස් ඇති ක්ෂුද්‍ර ව්‍යාපාරවල ගතික කේන්ද්‍රස්ථානයක් ලෙසින් ෆාම් හි වන රීචා ෆොරස්ට් අයිලන්ඩ් කැෆේ, අවන්හල, ද ලව් බෙන්ච්, ළමා උද්‍යානය සහ ද ගාර්ඩ්න් ෂෙඩ් වැනි ගොඩනැගිලි ද මෙහි දකින්නට ලැබේ. මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන අයට ඉතාමත් මනස්කාන්ත, සතුටු විය හැකි සුන්දර තෝතැන්නකි.

අක්කර 150ක මනරම් භූමි භාගයකින් යුත් මෙම ගොවිපොල, සතුන්, ගස් වැල්, තුරුලතා සමග සෞඛ්‍ය සම්පන්න, වඩාත් සුසංයෝගී පැවැත්මක් සඳහා අපූරු වෙනස් අත්දැකීමක් ලබාදෙන ආකර්ශනීය ස්ථානයකි.

රීචා ගොවිපොළ ඇදහිය නොහැකි සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙසින් හා කාබනික කෘෂිකාර්මික, ඒකාබද්ධ නිෂ්පාදන හා විෙනෝදාංශ සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ කාර්මික විද්‍යා මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම ගොවිපලෙහි සභාපති කන්දයියා බාස්කරන් මහතාගේ මූලික ඉලක්කයයි.

මෙම වෙබ් පිටුව පුරාම සැරිසරන ඔබට මෙහිදී නැවුම් එළවලු, පලතුරු මෙන්ම අලංකාර මල් වර්ග දැකගත හැකි වන අතර මේ හරහා එම එළවලු, පලතුරු හා මල් වර්ග අලෙවිකිරීම ද රීචා කාබනික ගොවිපල විසින් සිදු කරනු ලබයි.

වැඩි විස්තර දැනගන්න මෙතනින් පිවිසෙන්න?

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery