අද සිට සෑම කොට්ඨාසයකටම අවදානමක්

South Africa Influenza Latest Headlines Sinhala news gagana news
By Shehan Jun 21, 2025 04:48 AM GMT
Report

මෙරට සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එමගින් ඌරන් අවදානම් සතුන් ලෙස නම් කර ඇත.

පසුගිය (13) වැනිදා සිට මාස තුනක කාලයක් සඳහා වලංගු වන පරිදි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 

අප්‍රිකානු සූකර උණ රෝගය, පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැතිරී ගිය බැවින් හා තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.

ඒ අනුව කොට්ඨාශ භාර පශු වෛද්‍යවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන්, ඌරු මස් හා එම නිෂ්පාදන, අසාදිත හා අවදානම් ප්‍රදේශ තුල හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම තහනම් වේ. 

තවද ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම මෙන්ම අසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොට ගෙන සජීවි සත්ත්ව වෙළෙඳපොල පැවැත්වීම තහනම් වේ.