බෙංගාල බොක්කේ බහුදින ධීවර යාත්රාවලට රතු අනතුරු ඇඟවීමක්
Department of Meteorology
Weather
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහුදින ධීවර යාත්රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම සම්බන්ධයෙන් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, අදාළ මුහුදු ප්රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා නාවික ප්රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට අනතුරු අඟවා ඇත.
අද(01) ප.ව.12.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24දක්වා වලංගු වෙයි.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය අද පෙරවරු 05.30 වන විට 'ගැඹුරු පීඩන අවපාතයක්' දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.5° සහ නැගෙනහිර දේශාංශ 86.4° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණි.