රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් ගැන අලුත්ම ආරංචිය මෙන්න..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Government Employee
Sri Lanka Cabinet
Government Of Sri Lanka
By Aruna
රාජ්‍ය සේවයට ලබන වසරේ නව බඳවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසනවා.
මෙම වසරේ ජුනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කර ගනිමින් වැටුප්,වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කල යුතු බව, ලබන වසර සඳහා වන අය වැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාව නිකුත් කරමින් ඔහු සඳහන් කලේ.
රථවාහන මිලදී ගැනීම් සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ මිලදී ගැනීම් ලබන වසරේ දී සීමා කරන බවද ඔහු පවසනවා.
මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ, දේශීය පුහුණුවීම් සඳහා අදාළ ප්‍රතිපාදන ඇතුළත් කළ යුත්තේ, චක්‍රලේඛ මඟින් එවැනි පුහුණුවීම් නියමකර ඇත්නම් පමණක් බවයි.