ලොවක් පුදුම කරමින් සුර්යාගේ සැබෑම වර්ණය සොයාගැනේ..!

Astrology NASA
By Sewvandhi Sep 17, 2022 08:45 AM GMT
Report

සූර්යාගේ සැබෑ වර්ණය සුදු පැහැති බව ඇමෙරිකාවේ ජාතික අභ්‍යවකාශ ආයතනය වන නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසනවා. සූර්යාගේ පැහැය කහ පැහැයෙන් දිස්වන්නේ වායුගෝලය හරහා ආලෝකය පතිත වන විට සිදුවන සංසිද්ධීන් නිසා බවයි නාසා ආයතනයේ හිටපු ගගනගාමියෙකු වන ස්කොට් කෙලී ප්‍රකාශ කර තිබෙනවා.

පෘථිවියෙන් පිටත කක්ෂයට සූර්යාගේ පැහැය සුදු පැහැතිව තියුණු ලෙස දිස්වන බවත් එම ආලෝකය තුළ වර්ණ දහස් ගණනක් මිශ්‍රව පවතින බවත් ස්කොට් කෙලී සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. මිනිස් ඇසට සූර්යාගේ සැබෑ පැහැය හඳුනා ගැනීමට නොහැකි අතර පෘථිවියෙන් බාහිරව දුරේක්ෂ භාවිතයේදී සූර්යාගේ සැබෑ ලක්ෂණ සහ මතුපිට සූක්ෂමව ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතින බව නාසා ආයතනය සිය අභ්‍යවකාශ නිරීක්ෂණ උපුටා දක්වමින් සඳහන් කළා.

මේ අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100 ක පමණ දුරින් පිහිටි සුපර් අර්ත් ලෙස හඳුන්වන මිනිස් වාසයට හිතකර බවට විශ්වාස කරන ග්‍රහලෝක ද්විත්වයක් විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙනවා.

ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් පිරිසක් මෙම නිරීක්ෂණය සිදුකර තිබෙන අතර එම ග්‍රහලෝක නම් කර ඇත්තේ ස්පෙකියුලෝස් - 2 ලෙසයි. මෙම ග්‍රහලෝක පෘථිවිය මෙන් තිස් ගුණයකින් විශාල බවටයි එම විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ. එමෙන්ම නාසා ආයතනයේ ටෙස් චන්ද්‍රිකා මගින් ද මෙහි නිරීක්ෂණ කටයුතු සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%