රැට්ටා ඇතුළු අරගලකරුවන්ට ඇප

Galle Face Protest Sri Lankan protests Sri Lanka Economic Crisis SL Protest
By Sewvandhi Jul 01, 2022 09:01 AM GMT
Report

කොළඹ කොටුවේ හා තලංගම ප්‍රදේශවල දී ජුනි මස 06, 09 හා 10 යන දිනවල දී සිදු වූ කළහකාරී සිදුවීම්වලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර ඇතුළු තිදෙනෙකුට ඇප නියම වී තිබෙනවා.

ඒ අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගියදා අත්අඩංගුවට ගත් ගෝඨා ගෝ ගම අරගල භූමියේ ක්‍රියාකාරිකයන් පිරිසක් වූ ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ,ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන අයට ජුනි මස 24 වැනිදා අධිකරණයෙන් ඇප නියම කෙරුණා.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළා.

එහෙත් රතිඳු සේනාරත්න (රැට්ටා), ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමියන් තවදුරටත් ජූලි මස 1 වනදා, එනම් අද දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා ගැනීමටයි අධිකරණය නියම කළේ.

එම නියමයට අනුව අද පෙරවරුවේ යළි නඩු කටයුත්තට කැඳවූ අවස්ථාවේදියි රැට්ටා ඇතුළු අරගලකරුවන් හට ඇප නියම කෙරුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now