රත්මලානේ සයිමා ඇතුළු තිදෙනා මැලේසියාවෙන් දිවයිනට රැගෙන ඒමට පිටත් වෙයි

Crime Branch Criminal Investigation Department Crime Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 10, 2026 10:31 AM GMT
Report

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාවෙන් පිටත්ව ඇති බව වාර්තා වේ.

සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් තිදෙනා අද (10) පස්වරුවේ මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් අයෙකු ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “කංජිපානි ඉම්රාන්”ගේ ප්‍රධාන ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු නිවේදනයක්ද නිකුත් කර ඇති බව පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොලිසිය සහ මැලේසියානු පොලීසිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් “රත්මලානේ සයිමා” ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.