සාහසික ලෙස බිරිඳ ට පහර දී ඝාතනය කර දරුවාගේ ගෙල මිරිකා ඝාතනයට තැත්කළ කුරිරු පියා ගෙල වැලලාගනි..

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jun 10, 2022 02:41 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

බිරිඳ ට පහරදී ඝාතනය කර 11 හැවිරිදි දරුවාගේ ගෙල මිරිකා ඝාතනය කිරීමට තැත් කළ පියෙකු පිළිබඳ පුවතක් වාර්තා විය. පොලීසිය සඳහන් කළේ රත්නපුර හකමුව ප්‍රදේශයේදී එම සිදුවීම සිදුවී ඇති බවය.

එලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැකකරන අතර අපරාධය සිදුකළ සැකකරු පසුව සිය 11 හැවිරිදි දරුවාගේ ද ගෙල මිරිකා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.

එහිදී දරුවා සිහිසුන්වී ඇති අතර නිවසේ සිටි 13 හැවිරිදි දැරිය ඒ බව දැක කෑගැසීමත් සමග සැකකාර පියා ඔහුව අතහැර තිබේ.  පසුව සැකකරු නිවස තුළ ගෙල වැලලාගෙන සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර තිබේ. ඒ අනුව පියා සහ තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now