රුසියානු ප්‍රශ්නය නිසා මෙරටට ඉදිරියේදි ඇති වෙන ගැටලු සහ පාඩු..

By Sithumi Jun 04, 2022 05:24 PM GMT
Report

රුසියානු ගුවන් සේවයේ ගුවන් යානාවක් මෙරට රදවා තබා ගැනීම මත ශ්‍රී ලංකාවට බරපතළ ආර්ථික අර්බුද රැසක් මතුවනු ඇතැයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

පළමු කොටම රුසියාවෙන් පැමිණි සංචාරක ආදායමක් අහිමි වන බවද පැවසූ ඔහු දෙවනුව ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානමින් ලාභදායී බොරතෙල් නැතිවණු ඇතැයි සඳහන් කළේය. එමෙන්ම රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැනුම්කරුවකු වන නිසා එම වෙළඳ පලටද බලපෑමක් එල්ලවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

මේ හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍ය හා රැස්වී තීන්දුවක් ගත යුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now