රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
By Sithumi
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට එලැඹෙන අය වැය තුළින් කටයුතු කරන බව පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිය වැටුප් රුපියල් 20000කින් වැඩි කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ සිදු කළ පසුබිමකදි.
මෙවන් තත්වයක රාජ්‍ය සේවක වැටුප් වැඩීවීම පිලිබදව ජනපති කළ ප්‍රකාශය ඇසීමත් භාග්‍යක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ අනුව ජනපතිවරයා එලෙස ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදි බලාපොරොත්තුවක් තිබෙන බැවින් බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.
කෙසේවෙතත්, ඉදිරියේදි රටේ ආර්ථිකය පිළිබදව සුබවාදි බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකශ කළා.