රාජ්‍ය අංශයේ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Ministry of Finance Sri Lanka
By krishani Oct 21, 2023 03:38 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රාජ්‍ය අංශයේ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් අද සිදු කළේ ය.

ඒ මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා ඉදිරියේ දී බඳවා ගැනීම් ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

අද (21) පෙරවරුවේ දැරණියගල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

පසුගියදා පැවති මුදල් පිළිබඳ උපදේශක කාරක සභා රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.