මෙරට බැංකු පොලී අනුපාත සම්බන්ධයෙන් ප්‍රකාශයක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By krishani Sep 18, 2023 01:52 PM GMT
Report

බැංකු පොලී අනුපාත පහත හෙලීම තුළින් මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි කාර්තු දෙක තුළ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ ය.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා කළ 11.5%ක් වූ ඍණ ආර්ථික වර්ධනය මෙම වසරේ එම කාලය තුළ 3.1%ක ඍණ වර්ධනයක් සටහන් කරමින් වර්ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කරන බව ඔහු කියා සිටියේ ය.

ඒ අනුව කෘෂිකාර්මික, නවාතැන් සහ ආහාර ක්ෂේත්‍ර එම වර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ සංචාරකයින්ගේ පැමිණීමත් සමග 34.2%කින් වර්ධනය වී ඇති ආහාර සහ නවාතැන් ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.