"..ඉවත්ව යාමට තරම් ලැජ්ජාවක් අගමැතිට නෑ.." අරගලකරුවන්ට සුභ පතමින් රන්ජන් රාමනායක කියූ දේ..(VIDEO)

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranjan Ramanayake Sri Lanka Economic Crisis SL Protest
By Sewvandhi Apr 28, 2022 11:43 AM GMT
Report

විරෝධතාවයේ යෙදෙන ජනතාවගේ අරගල සාධාරණ බව හිටපු යහපාලන රජය සමයේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බන්ධනාගාර නිලධාරීන් ද කැටුව PCOI පරිශ්‍රයට පැමිණි අතර ඉන්ධන සහ ගෑස් සිලින්ඩර හිඟය හමුවේ අඛණ්ඩ අරගලයක නිරත වූවන්ට සුබ පැතුවා. ඉවත් නොවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය පිළිබඳව අදහස් දක්වමින් රාමනායක කියා සිටියේ ඉවත්ව යාමට තරම් ලැජ්ජාවක් අගමැතිවරයාට නොමැති බවයි.

මේ අතර කොමිසමේ සාක්ෂිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් කොමිසමේ කල් ඉකුත්වන දිනය පිළිබඳව අදහස් දැක්වූ අතර නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේ තමන් දන්නා පරිදි කොමිසම අවසන් වෙමින් පවතින බවත් ගැසට් නිවේදනයක් මගින් එය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවත්ය.

නමුත් මා දන්නා තරමින් තවමත් එවැනි ගැසට් නිවේදනයක් නිකුත් කර නැහැ. ඒ නිසා අදින් පසු මෙම කොමිසම ක් රියාත්මක වන බවක් පෙනෙන්නට නැහැ. කොමිෂන් සභාව දිගටම පවතින්නේ නම් නැවත පැමිණෙන ලෙස මම අද මගේ සේවාදායකයන්ට දැනුම් දුන්නා. ඒ නිසා මේ කොමිසම මෙතැනින් එහාට යනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ජනාධිපතිවරයා නිකුත් කරන ගැසට් පත්‍රය අනුවයි,” ඔහු ප්‍රකාශ කළේය

(වීඩියෝ අයිතිය - News first)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now