රන්ජන් රාමනායක මහතාට අද දින අධිකරණය ලබාදුන් තීන්දුව.. (VIDEO)

Ranjan Ramanayake
By krishani Jun 07, 2022 04:56 AM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වරද පිළිගැනීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වසර 5ක කාලය අත්හිටුවා වසර දෙකක සිර දඬුවම් නියම කෙරිණි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවන නඩුව සඳහා ඔහු අද (7) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

2021 ජනවාරි 12 වන දින අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද අතර, ඔහු මේ වන විටත් මෙම දඬුවම විඳිමින් සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join