රන්ජන් බන්ධනාගාරයේ සිට තවත් කඩඉමකට මුහුණ දෙයි

Ranjan Ramanayake Sri Lanka Politician Sri Lanka Department of Prisons Sri Lanka
By Sewvandhi Jun 06, 2022 12:53 PM GMT
Report

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සඳහා මේ දිනවල පෙනී සිටිනවා. 

 2022.06.11,18 යන දිනවලදී ද ඒ මහතා පරීක්ෂණ සඳහා පෙනී සිටීමට නියමිත අතර පසුගිය 4 වැනිදාද එක් පරීක්ෂයක් පැවැත්වී තිබෙනවා .

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අනුමැතිය පරිදි වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන/පුනරුත්ථාපන/මාධ්‍ය ප්‍රකාශක ) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now