රන්ජන්ට ස්ථිරවම නිදහස ලැබෙන දිනය මෙන්න...විශේෂ හෙළිදරව්වක්..

Ranjan Ramanayake Sri Lanka Politician Saidulla Marikkar Department of Prisons Sri Lanka
By Aruna May 26, 2022 11:09 PM GMT
Report

සිරදඬුවම් ලබා දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එළැඹෙන වසරේ මැයි මාසය වන විට නිදහස ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරනවා.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ කල්ක්‍රියාව මත සහ ඉදිරියේ බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාසය වන විට කොහොමත් නිදහස ලැබෙන බවද හෙතෙම පැවසීය.

තමන් බේරා ගැනීම සඳහා කිසිවකු ආණ්ඩුවට එක්වීමට අවශ්‍ය නැතැයි රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන්ට ප්‍රකාශ කළේ යයිද මරික්කාර් මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

“මම ඊයේ ගියා රන්ජන් රාමනායක මැතිතුමාව බලන්න.

එතකොට රන්ජන් රාමනායක මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එතුමාව බේර ගන්න එතුමට නිදහස ලබ ගන්න කවුරුවත් ආණ්ඩුවට එකතු වෙන්න ඕන නෑ කියන එක.

ඒ වෙනුවෙන් එතුමව බිල්ලට දෙන්න ඕන නෑ කියලා තමයි එතුමා පැහැදිලව කියන්නේ.

රන්ජන් රාමනායක මැතිතුමට ලබන අවුරුද්දේ මැයි මාසයේ කොහොමත් නිදහස ලැබෙන්න ඕන.

එතුමාගේ කල් ක්‍රියාව හොඳ වීම, බෝනස් ලැබීම නිසා ලබන අවුරුද්දේ ජනවාරි පෙබරවාරි වෙනකොට එතුමා කොහොමත් නිදහස ලබනවා.

රාජපක්ෂලගේ දෙපතුල ළඟ වැඳ වැටිලා නිදහස ගන්න එතුමා සූදානම් නෑ.

ඒ වගේම එතුමව විකුණනා අනිත් අය රාජපක්ෂලාගේ දෙපතුළ ළග වැද වැටෙන්න ඕන නෑ කියලත් එතුමා පැහැදිලිව කියන්න කැමතියි.

මම දැක්කා වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙනවා කොමිටියක් පත්කරනවා කියලා.

මොන කොමිටිද? දුමින්ද සිල්වාට නිදහස ලැබුණේ කොමිටියකින්ද?

රෝයල් පාක් එක්කෙනා නිදහස් කරන්න කොමිටි පත්කළාද?”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now