ජනපති හදිසියේ හමුවූ විශේෂ කණ්ඩායම

Mahinda Amaraweera Ranil Wickremesinghe Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Nov 28, 2022 02:09 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී ඇති බව වාර්ථා වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මෙම සාකච්ඡාව සඳහා එක්ව ඇත්තේ ජනාධිපතිවරයාගේ කැඳවීමකට අනුවයි. පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සිටින අතර ඉන් දෙදෙනෙකු කැබිනට් අමාත්‍ය ධුර දරණු ලබනවා.

පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළේ තවත් 6 දෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුර හොබවන අතර පක්ෂයේ තීරණයට පටහැනිව අමාත්‍ය ධුර ලබාගත් බවට චෝදනා කරමින් 8 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි එමෙන්ම ජාතික සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහිව විනය පියවර ගැනීමට ද තීරණය කළා.

පසුව ඒ පිළිබඳ දේශපාලන වේදකාවේ මෙන්ම නිදහස් පක්ෂයේම පිරිස් අතරද විවිධ මතවාද පළවුණා.

එවන් පසුබිමක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස තවදුරටත් කටයුතු කරන බවත් නව මහලේකම්වරයෙකු පත්කළ බවට කිසිදු දැනුම් දීමක් නොකළ බවට දන්වමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත අද ලිපියක් යොමුකර තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now