අගමැති රනිල් පළමුවරට රටේ ප්‍රධාන තනතුරක් භාරගන්න යයි...හෙට අනිද්දා වෙන දේ මෙන්න.

United National Party Ranil Wickremesinghe Prime minister
By Aruna May 24, 2022 11:04 PM GMT
Report

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට හෝ අනිද්දා දිනය තුළ දී මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට අග්‍රමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරනවා.

මීට පෙර මුදල් අමාත්‍ය ධූරය සඳහා හිටපු මුදල් අමාත්‍ය අලි ෂබ්රි සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට රජය විසින් ආරාධනා කර තිබුණා.

නමුත් එම ආරාධනා සඳහා කිසිවකුගෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ.

කෙසේ වෙතත් මේ වන විට රට තුළ පවතින බරපතළ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා වහාම මුදල් ඇමතිවරයෙකු පත් කර ගැනීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බවයි රජයේ පාර්ශ්වයෙන් සඳහන් වෙන්නේ.

මේ හේතුවෙන් තව දුරටත් මුදල් අමාත්‍ය ධූරය සඳහා යෝජනා කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාදය ඉවසිය නො හැකි බැවින් මේ අවස්ථාවේ දී මුදල් අමාත්‍ය ධූරය බාර දීමට සිටින අනෙක් සුදුසුම පුද්ගලයා වන අග්‍රාමාත්‍යවරයාට එම අමාත්‍ය ධූරය භාර දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අගමැති රනිල් පළමුවරට රටේ ප්‍රධාන තනතුරක් භාරගන්න යයි...හෙට අනිද්දා වෙන දේ මෙන්න.

සමීප ආරංචි මාර්ගයකින් විමසූවිට ඔවුන් පවසා සිටියේ, මේ දක්වා මුදල් අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන දිනයක් හා වේලාවක් පිළිබඳ දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.

බොහෝ විට එය හෙට හෝ අනිද්දා සිදු විය හැකි බවට ඔවුන් විශ්වාසය පළ කළා.

කෙසේ වෙතත් හෙට හෝ අනිද්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දුන හොත් එය ඔහු මුදල් අමාත්‍ය ධූරය දරන පළමු අවස්ථාව ලෙස වාර්තා වනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now