"නෑ නෑ දෙවෙනියා.." - ජනපති ඇඟිලි දෙකක් පෙන්වා අංගචලනයෙන් කී දේ..
Ranil Wickremesinghe
Sri Lanka Politician
Wimal Weerawansa
Sri Lanka
President of Sri lanka
By krishani
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එතුමා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවේ දී විමල් වීරවංශ මහතා විසින් එහිදී ප්‍රකාශයක් කළේ ය.
ඒ ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික පළමු ජනාධිපතිවරයා ඔබතුමා යැයි රනිල් වික්‍රමසිංහ මහතාට පවසමින් ය.
එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ඇඟිලි දෙකක් පෙන්වා තමා දෙවැනියා ලෙස අංගචලනයෙන් ඔහුට කියා සිටියේ ය.
ඒ මොහොතේ දී ම විමල් වීරවංශ මහතා විසින් පසුව තමාගේ කතාව නිවැරදි කර ගැනීමට කටයුතු කළේ ය.
මෙම සර්ව පාක්ෂික සමුළුවේ දී ජාතික නිදහස් පෙරමුණ විසින් රටේ ඒකීයභාවය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනාවලියක් ද ජනාධිපතිවරයාට භාර දෙනු ලැබීය.
කෙසේ වෙතත්, මෙරට පළමුවන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන්නේ ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා මියයෑමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් වූ ඩී. බී. විජේතුංග මහතායි.