ජනපති ගත් විශේෂ තීරණය..

Ranil Wickremesinghe Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Jan 28, 2024 05:07 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බලධාරීන්ට වෙත විශේෂ උපදෙස් ලබා දී තිබෙනවා.

ජනපති ගත් විශේෂ තීරණය.. | Ranil Wicramasinghe Announsment

ඒ එක් ආයතන ව්‍යුහයක් යටතේ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන මෙන් ය.

ඒ ඊයේ (27) ගාල්ල කොටුව සංවර්ධන කටයුතු පිළිබඳව සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.

එමෙන්ම ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ද ජනාධිපතිවරයා එහිදී තීරණය කර තිබෙනවා.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

මේ අතර, ඊයේ 2024 ගාලු සාහිත්‍ය උළෙල නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

ලොව පුරා කීර්තිමත් කතුවරුන්, සාහිත්‍යකරුවන්, මාධ්‍යවේදීන් සහ ප්‍රකාශකයන් එක්වන මෙරට පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන ගාලු සාහිත්‍ය උළෙල මෙවර පැවැත්වෙන්නේ වසර කිහිපයකට පසුව වීම විශේෂත්වයක් වේ.

කෙසේ වෙතත්, ජනවාරි 25 වනදා ආරම්භ වූ ගාලු සාහිත්‍ය උළෙල අදින් අවසන් වෙයි.

Sponsored By Sarrita Jewellery

ජනපති ගත් විශේෂ තීරණය.. | Ranil Wicramasinghe Announsment