පාර්ලිමේන්තුවේ හැර අන් කිසිවකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැහැ - රනිල් වික්‍රමසිංහ

Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By krishani Aug 05, 2023 01:52 AM GMT
Report

ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේ දී පාර්ලිමේන්තුවේ හැර අන් කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

ඒ රාජ්‍ය මූල්‍ය පාලනය අයිති පාර්ලිමේන්තුවට බැවින් ය.

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්, එය රටේ බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු පෙන්වා දෙනු ලැබීය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් රට තුළ යළිත් පෝලිම් යුගයක් නිර්මාණය වනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

කොළඹ පදනම් ආයතනයේ දී ශ්‍රී ලංකා පොල් වගාකරුවන්ගේ සංගමයේ 29 වැනි වාර්ෂික හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.