තොටළඟ ඇති වූ ගින්න සම්බන්ධයෙන් ජනාධිපති තීරණයක් ගනී..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 28, 2022 01:45 AM GMT
Report

කොළඹ - තොටළඟ කජීමාවත්ත මහල් නිවාස සංකීරණයක ඇති වූ ගින්න හේතුවෙන් පීඩාවට පත්ව සිටින සියලූම නේවාසිකයින්ට වහාම අවශ්‍ය සහන සැපයීමට පියවර ගන්නා ලෙස ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ලබා දී  ඇත.

මේ තත්ත්වය මත දැඩි අපහසුතාවට පත්වන මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳවත් සොයා බලන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.