ජනපති රනිල් වික්‍රමසිංහ ජපානයට..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 25, 2022 04:14 AM GMT
Report

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අතර මේ නිසා ජපානයේ ටෝකියේ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ද සාකච්ඡා කිරිමට නියමිතයි.