ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Sewvandhi Jul 21, 2022 04:45 AM GMT
Report

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.

පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි. ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙනු යි ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණේ.

ඒ මන්ත්‍රී ඡන්ද 134ක් ලබා ගනිමින්. අද දිනයේ ඇති විශේෂත්වය වන්නේ, ලොව පළමු අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක දිවුරුම් දුන්නේ ද 1960 ජුලි 21 වැනි දිනයක වීම යි. එසේ ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත් වන්නේ ද 1977 ජූලි 21 වැනි දා යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now