ජනපති සහ සමන්තභද්‍ර හිමි එක්ව කරන්න හද අලුත්ම වැඩේ මෙන්න..

Ranil Wickremesinghe Sri Lanka
By Aruna Oct 03, 2022 03:33 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය හා එම වැඩපිලිවෙල දැක බලා ගැනීම සඳහා එක්ව තිබේ.

එම ආයතනය නිවේදනය කරන්නේ එහිදී ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික අපනයන ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් 02දින උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය හා එම වැඩපිළිවෙළ දැකබලාගැනිම සදහා එක්විණි.

උමන්දාව විශ්ව ගම්මානය සංකල්පය ට අනුව ජාත්‍යන්තර කෘෂි විද්‍යාලයක් පිහිටුවීමටත් උමන්දාව වැනි ගම්මාන දෙකක් දිවයිනේ උතුරේ සහ දකුණේ පිහිටුවීමටත් මෙහි දී සිරි සමන්තබද්‍ර හිමි සමඟ සාකච්ඡා කළේය.

රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික හා අපනයන ආශිත කර්මාන්ත නගා සිටුවිමේ පිලිබදවද මෙහිදි සාකච්ඡා කෙරිණි මෙම සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාද එක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now