ඊශ්‍රායල – හමාස් ගැටුම් ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි.
ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒ යටතේ ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලි බල පද්ධතිය දියුණු කිරීමට ද සැලසුම් කර ඇති බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කතාව පහළින්,



