ජනපති ශ්‍රී ලංකාව ගැන කියූ දේ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 'බර්ලින් ගෝලීය සංවාදය' අමතමින් පවසා තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කරගැනීමට 2030 වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 26.5ක් අවශ්‍ය වන බවයි.
අද (28) වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් වන "බර්ලින් ග්ලෝබල්" සමුළුව ආරම්භ වෙයි.
ඊයේ (27) අලුයම ඊට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබුණි.
අදාළ සංවාදයේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස අවම කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන ද්විත්වයම සාර්ථක කරගැනීමට ඇති බවය.
පවතින අවම අරමුදල්වලින් ශ්‍රී ලංකාව එය හැසිරවිය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර "බර්ලින් ග්ලෝබල්" සමුළුවට සමගාමීව පැවැති සංවාදයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා මෙතෙක් ධනාත්මක බවය.
ඒ අනුව නැවත පැරිස් සමාජය සහ ඉන්දියාව සමග සාකච්ඡා කළ යුතුව ඇති බවත් පෙන්වා දී තිබේ.