අසමත්භාවයක් ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Sep 26, 2023 10:23 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ, නිරාකරණය සම්බන්ධයෙන් අසමත් භාවයක් පෙන්නුම් කර තිබෙන බවයි.

මීඩිඒෂන් සිම්පෝසියම් - 2023 (Mediation Symposium) සමඟ අද (26) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

Mediation Symposium - 2023 කොළඹ හිල්ටන් හෝටලයේ දී අද පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු උත්සවයට අධිකරණ අමාත්‍ය ආචාර්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක් විය.

එහි දී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

''අධිකරණයේ දී හෝ වෙනත් ස්ථානවල දී ගැටුම් නිරාකරණය සම්බන්ධයෙන් අප අසමත්භාවයක් පෙන්නුම් කර තිබෙනවා. ව්‍යාපාර කටයුතුවල නිරත පිරිස් දන්නවා, කාලය යනු මුදල් බව. ඒ බව සිහි තබාගෙන අප ඉදිරියට යා යුතුයි. අපට අවශ්‍යයි ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් කරන්න. කොළඹ වරාය නගරය, කොළඹ මූල්‍ය කලාපය බවට පත් කරන නීතිමය වෙනස ඉන් එක් පියවරක්.

අක් වෙරළ ක්‍රියාකාරකම් සඳහා නීත්‍යනුකූලභාවයක් සපයන නව නීතිය 'ෂර්මන් ඇන්ඩ් ස්ටාර්ලිං' නීති සේවා ආයතනය මඟින් දැන් කෙටුම්පත් කර තිබෙනවා. එහි බලාත්මක වීමක් වසර අවසානය වන විට අපට අපේක්ෂා කළ හැකියි. දෙවැනුව ආයෝජන මණ්ඩලය ද ආර්ථික කොමිසමක් මගින් ප්‍රතිස්ථාපනය කෙරෙනවා. මන්ද අප නිදහස් ගිවිසුම් කිහිපයකටම එළැඹෙමින් සිටිනවා.

අප සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹ ඇති අතර, තායිලන්තය සමඟ එවැනි ගිවිසුමකට එළැඹීමට ආසන්නයි. ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ඉහළ තලයකට ගෙන ඒම පිළිබඳවත් අප සාකච්ඡා පවත්වනවා. ලෝකයේ විශාලතම ආර්ථික ප්‍රජාව වන 'ආර් - සෙප්' නැති නම්, කලාපීය පරිපුර්ණ ආර්ථික සහයෝගීතාවට එක්වීම සඳහා අප සූදානමින් සිටින්නේ. ශ්‍රී ලංකාව එම කලාපීය සහයෝගීතාවයේ හිඩස පුරවන කේන්ද්‍රය වීමට අප සහතික කරගත යුතුයි''

දෙමටගොඩ වැටලීමකින් හමුවූ ලක්ෂ 30 කට වැඩිය වටින භයානක දේ...

දෙමටගොඩ වැටලීමකින් හමුවූ ලක්ෂ 30 කට වැඩිය වටින භයානක දේ...